Web Images Groups Scholar Blogs Translate Gmail more »
Recently Visited Groups | Help | Sign in
Google Groups Home
Message from discussion ABA sinhala movie
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post was successful
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
මාලින්ද  
View profile  
 More options Aug 18 2008, 4:48 pm
From: මාලින්ද <malindad...@gmail.com>
Date: Mon, 18 Aug 2008 04:18:36 -0700 (PDT)
Local: Mon, Aug 18 2008 4:48 pm
Subject: Re: ABA sinhala movie
මෙන්න මගේ සම්පූර්ණ අදහස....

ආයුබෝවන්
මමත් මේ අබා කියන චිත්රපටය හා සම්බන්ධව ගොඩනැගෙමින් පවතින කතාබහ ගැන
උනන්දුවකින් බලන් හිටපු කෙනෙක්. එමෙන්ම ලංකාවේ ඉතිහාසය ගැනත් ජැක්සන්
ඇන්තනී පිළිබදවත් ඉතා ඕනෑකමින් හොයාබලා ඇති කෙනෙක්.
මේ අබා ගැන සංවාදයේ ලිපි ටික කියවීමෙන් පසු මාහට හැගීගියේ මේ කිසිම
කෙනෙක්ට තමන් සිටින පදනම පිළිබඳව එතරම් විශ්වාශයක් නැති බවකි. අබා
චිත්‍රපටයට පක්ෂපාත-විරුද්ධ සහ මධ්‍යස්ත මත දරණ සියලු දෙනාම මේ චිත්‍රපටය
ආශ්‍රත සන්දර්භය දැක ඇත්තේ තම තමන්ගේ කෝණ වලින් පමණක් සහ තමන් තුල
මාධ්‍ය, සමාජය හා සංස්කෘතිය විසින් කාලයක් තිස්සේ ඇති කර තිබූ මතවාදයන්
සාධාරණිකරණය කිරීමේ චේතනාවෙන් බවත් හැගේ.

අබාට සහ ජැක්සන් ඇන්තනීට පක්ෂපාත මතයක් දරණ අය අබා අගය කරන්නේ ජැක්සන්
ඇන්තනී යනු ඉතිහාසයය පිළිබඳ විශිෂ්ඨ දැනුමැත්තෙකුය යන මතය දරමිනුත්, අබා
ඔහුගේ නිර්මාණයක් නිසා එයද විශිෂ්ඨ, අඩුපාඩු නොමැති, හා යටිඅරමුණකින්
තොරව සෑදූ නිර්ව්‍යාජ කෘතියක් ලෙසත්, ඒ සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක්
වියදම් කල නිසා තාක්ෂණික අතින් හා නිර්මාණාත්මක අතින් විශිෂ්ඨ වියයුතුය
යන මතයත් මනසේ තබාගෙන එය සනාථ කිරීම සඳහා කරුණු ගෙනහැර දක්වමින්ය. එමනිසා
අබාට විරුද්ධ අයගේ අදහස් සත්‍ය හෝ අසත්‍ය වීම නිසා නොව හුදෙක් අබාට සහ
ජැක්සන්ට විරුද්ධ වීම නිසා ඔවුන් විසින් එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත.

අබාට සහ ජැක්සන්ට විරුද්ධ මතයක් දරණ අය බටහිර හා ක්‍රිස්තියානි විරෝධී
ආකල්ප නිසා අබාට විරුද්ධව කරුණු දක්වා ඇති බව පෙනෙන්නට තිබේ. එමෙන්ම අබා
හි කතාවෙන් ලංකාවේ (සිංහලයින්ගේ) ඉතිහාසය විකෘති වී ඇති බවකුත් තවත්
විවිධ කරුණු රාශියකුත් සාධක නොමැතිව ලාමක අයුරින් ගෙනහැර දක්වා ඇත.

මේ මත දෙකටම නැති මධ්‍යස්ත මතයක් දරණ පිරිසකුත් අතරමං වී බලා සිටින සෙයක්
පෙනේ.

මේ තෙවැදෑරුම් මත නිසා පැන නැගුනු වැදගත් ප්‍රශ්න කිහිපයක්ද ඇත.
* අබා යනු සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් ද? නැද්ද?
* අබා සඳහා මුල් වුනු පණ්ඩුකාභය පුරාවෘතය සත්‍යයක්ද? අසත්‍යයක්ද?
* ලංකාවේ ඉතිහාසය ආරම්භ වන්නේ විජයගෙන්ද? නැතිනම් ඊට පෙර ඉතිහාසයක්
තිබුණිද?
* විජයට පෙර ලංකාවේ සිටි මිනිසුන්හට ශිෂ්ටාචාරයක් (සංස්කෘතියක්, ආගමක්,
භාෂාවක්, තාක්ෂණයක්, පාලන ක්‍රමයක්, වැනි ලක්ෂණ) තිබුණිද? නැතිද?
* බුදුදහම ලංකාවට එන්නේ මිහිදු හිමිගෙන් පසුද? ඊට පෙරද?
* දකුණු ඉන්දියානු ආක්‍රමණිකයින් විසින් සැබෑ සිංහලයින් වනසා දමා සිංහල
කාන්තාවන්ට දාව අවජාතක පරපුරක් ඇතිකලේද? නැද්ද?
* සිංහල ජාතිය (සිංහලකම) යනු ලේ වලින් පැවතෙන්නක්ද? නැතිනම් සංස්කෘතිකව
පැවතෙන්නක්ද?
* සිංහලකම, බෞද්ධකම, සිංහල-බෞද්ධකම හා සිංහල-කතෝලිකකම යනු මොනවාද?

වැනි ඉතා වැදගත් එමෙන්ම සංකීර්ණ ප්‍රශ්න රාශියක්ද මෙම සංවාදය මගින් ජනිත
වී ඇත.

මෙම ප්‍රශ්න සියල්ලම සඳහා පිළිතුරු සෙවීම කාලීනව වැදගත් වන නමුත් මෙහි
ප්‍රස්තුතය "අබා" නිසා ඒ පිළිබඳව මගේ අදහස් වැඩි වශයෙන් දක්වා සිටිමි.

ජැක්සන් ඇන්තනීගේ ඉතිහාසය පිළිබඳ කතා කළහොත් ඔහු නලුවෙකි. වේදිකා නාට්‍ය
ක්ෂේත්‍රයේ සිට ටෙලි සහ සිනමා ක්ෂේත්‍ර වලද දස්කම් පා සම්මාන දිනූ
ජනප්‍රිය නලුවෙකි. පසුකාලීනව (නලුකම එපාවීම නිසාදෝ) රඟපෑමට වඩා ඔහු තමන්ට
වැඩි පිළිගැනීමක් ඇතිකරගත හැකි ක්ෂේත්‍රයක් තෝරාගැනීමේ උත්සාහයක නිරත
වෙනු දැකිය හැකි විය. ඒ සඳහා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේ
ක්ෂේත්‍රය තෝරාගත් ඔහු රඟපෑමට වඩා (හේම නලීන්ගේ ආභාෂය ලබාගනිමින්) එම
‍ක්ෂේත්‍රයට යොමුවනු දැකිය හැකි විය. තම දක්ෂතා නිසා එම ක්ෂේත්‍රයේ
කීර්තියක් අත්කරගනිමින් සිටී ඔහු අධ්‍යාපනික වශයෙන්ද තම සුදුසුකම්
වැඩිදියුණු කරගනිමින් සිටියේය, ඒ ඉතිහාසය හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයෙන්ය.
ඕනෑම අයෙකු සිදුකරන පරිදි ඔහුද තමන් නියැලී සිටින ක්ෂේත්‍ර දෙක
ගැටගසාගැනීමේ අරමුණින් (එය ක්ෂේත්‍ර දෙකෙහිම ප්‍රගතියටද ඉවහල් වන බැවින්)
රෑපවාහිනී වැඩසටහන් ක්ෂේත්‍රය සහ ඉතිහාසය හා පුරාවිද්‍යාව යන ක්ෂේත්‍ර
දෙක ගැටගසා නිර්මාණාත්මක ලෙස මෙතෙක් නොපැවතුනු ආකාරයේ රෑපවාහිනී
වැඩසටහනක් ආරම්භ කරන ලදි. එය "මහාසිංහලේ වංශකතාව" නම් විය. මෙම වැඩසටහන
ඔස්සේ ඔහු තම අධ්‍යාපනික දැනුම ආධාරයෙන් තම රැකියාව (යැපීම) වෙනුවෙන්
සාර්ථක (එමෙන්ම ඉතා දීර්ඝ කාලයක් කරගෙන යාහැකි) රූපවාහිනී වැඩසටහනක්
ඉදිරිපත් කිරීමටත්, තම රැකියාවේ ආධාරයෙන් තම අධ්‍යාපනික ක්ෂේත්‍රයේ
(පර්යේෂණවල සහ නිබන්ධන සඳහා) සාර්ථකත්වය සඳහා එම ක්ෂේත්‍රයේ
විශිෂ්ඨයින්ගේ දැනුම නොමිලේම ලබාගැනීමටත් ඔහු සමත් විය. මෙය ඔහුගේ
බුද්ධිය මෙහෙයවීමේ දක්ෂතාවය නිසා හෝ හුදෙක් අහම්බෙන් පහල වූ ඥාණයක් නිසා
විය හැක. කෙසේ වෙතත් අවසානයේ ලංකාවේ ඉතිහාසය සම්බන්ධ සාර්ථකම රූපවාහිනී
වැඩසටහනත්, ලංකාවේ ඉතිහාසය සම්බන්ධව සිදුවුනු දැවැන්තම ශාස්ත්‍රීය
පර්යේෂණය සහ නිබන්ධනයත් එකවර කිරීමට ජැක්සන් සමත් විය.

බෞද්ධයින් හැම විටම තමන්ගේ "හැඟීමට" අනුව කටයුතු කළත් කතෝලිකයෙකු වූ
ජැක්සන්ට සල්ලි/රැකියාව වෙනුවෙන් (සිංහල බෞද්ධයින්ගේ ඉතිහාසය ගවේශනය
කිරීමට) තම ආගම අමතක කිරීමේ හිරිකිතයක් නොතිබෙන්නට ඇත. එමෙන්ම කතෝලිකයින්
අතර නැති සහ ඊට වැඩි පිළිගැනීමක් සිංහල බෞද්ධයින්ගෙන් ලැබෙන (එමෙන්ම
සල්ලි) කාර්යයක් කිරීමට ඔහු කිසිවිටෙක නොපැකිලෙනු ඇත. තවද කතෝලිකයින්ට
කතා කරන්නට තරම් ඉතිහාසයක් ලංකාවේ නැති නිසා සිංහලයින්ගේ ඉතිහාසය ගැන කතා
කිරීමේ බාධාවකුත් ඔහුට නැත. නමුත් ඔහු කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්ද? ඔහුට
යටි අරමුණක් තිබුණාද යන්න දන්නේ ඔහු පමණකි.

කෙසේ වෙතත් ඔහු මහාසිංහලේ වංශකතාව හරහා ලාංකිකයින් අතර දැඩි මතයක් ඇතිකළ
බව නම් ප්‍රකාශ කල යුතුමය. ඒ වෙනෙකක් නොව "සිංහල බෞද්ධයින් හට පොදුවේ එකඟ
විය හැකි ඉතිහාසයක් නොමැත" යන්නයි. ඉතිහාසය හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ
ශාස්ත්‍රීය මටිටමින් සිංහලයින්ගේ ඉතිහාසය පිළිබඳව කිසිඳු සාධාරණ
එකඟතාවයක් නැති බව සත්‍යයකි. නමුත් සිංහල බෞද්ධයින් තුල (පොදු ජන
විඥානයේ) නම් තම ඉතිහාසය පිළිබඳ පැහැදිලි එකඟතාවයක් පැවතුනි. සාමාන්‍ය
ජනයාට තමන් පැවත එන්නේ විජයගෙන්ද නැද්ද යන්න කිසිසේත්ම වැදගත් වූයේ නැත
(එය ප්‍රශ්නයක් වූයේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයටය). නමුත් දුටුගැමුණු රජතුමා
දෙමළුන් පන්නා දමා රට එක්සේසත් කිරීම, දැගැබ්, වැව් අමුණු සාදා රට
සශ්‍රීක කිරීම, රාජධානි අටක් යටතේ විවිධ ආක්‍රමණ මැද තම මුතුන් මිත්තන්
සිංහල ශිෂ්ටාචාරය ගොඩනැගීම වැනි කරුණු සම්බන්ධ ඉතිහාසය පිළිබඳව ජන
විඥානයේ පැහැදිලි එකඟතාවයක් (සම්මුතියක්) පැවතුනි. මහාසිංහලේ වංශකතාව
ඔස්සේ ජැක්සන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව (බොහෝවිට දැනුවත්ව) අපේ
ඉතිහාසය පිළිබඳව සාමූහික ජන විඥානයේ තිබූ සම්මුතිය සුනුවිසුනු කර දමන
ලදි. ඊට පෙර සැමදා අපේ ඉතිහාසය ගැන තර්ක නොකල සාමාන්‍ය මිනිසුන්
මහාචාර්ය, ආචාර්ය හා චක්‍රවර්තී හිමිවරුන්ගේ මත අනුව පිල් බෙදී තමන්‍‍‍ගේ
ඉතිහාසය පිළිබඳව තර්ක විතර්ක කළහ. (ඉංග්‍රීසීන්ගේ අධ්‍යාපනයෙන් උරුම වූ
සුදුසුකම්, සහතික හා ආචාර්ය මහාචාර්ය නාම වෙනුවෙන් කෙරෙන පුරාවිද්‍යා සහ
ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනය යනු ඇත්ත නැත්ත කිරීමටත්, නැත්ත ඇත්ත
කිරීමටත් හැකි කෙස් පැලෙන තර්ක වලින් ගහමරාගන්නා, සැබෑ ඉතිහාසය
කිසිවිටෙකත් හෙළි නොවන ක්ෂේත්‍රයක් බව ඒ පිළිබඳව අත්දැකීම් ඇති අය දනිති.
විශ්වවිද්‍යාල මට්ටමින් විසඳාගත යුතු ප්‍රශ්න රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ
සාමාන්‍ය ජනයා අතරට ගෙනයෑම ජැක්සන් කළ අඥානකමකි.)

ජැක්සන් විසින් ඔහුගේ වැඩසටහන් ඔස්සේ සිංහල බෞද්ධයින්ගේ ජන විඥානයට පහර
ගැසූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. උදාහරණයක් වශයෙන් ඔහු විසින් කළ
"ගඟදිගේ" නම් වූ වාර්තා වැඩසටහනින් සිංහල බෞද්ධ ජන විඥානයේ තවත් ප්‍රකට
සම්මුතියක් බිඳ දමන ලදි. එනම් "ශ්‍රීපාද කඳු මුදුනේ බුදුහිමයන්ගේ
සිරිපතුල යටින් ආරම්භ වන මහවැලි, කැලණි, කලු සහ වළවේ යන ගංඟා  සතර දෙසට
ගලා ගොස් ලංකාව සශ්‍රීක කරන බවට" සාමාන්‍ය ජනයා අතර තිබූ (භක්තිමත්)
අහිංසක සිතිවිල්ල සුනු විසුනු කර දැමීමයි. ඔහු ගංඟා ආරම්භ වන තැන්
සොයාගොස් පැවස්වේ "ඔය කියන විදියට මේ කිසි ගංඟාවක් ශ්‍රීපාද කඳු මුදුනින්
පටන් ගන්නේ නැහැ" යනුවෙනි. (ජැක්සන් හිතාමතාම තෝරාගෙන තිබුනේ වෙනත් අතු
ගංඟාය. )
සිංහල බෞද්ධයින්ගේ එකමුතුකමේ (වඩාත්ම භූගෝලීය වශයෙන්) සංකේතය වූයේ
ශ්‍රීපාද කඳු මුදුනින් ආරම්භ වන මෙම ගංඟා සතරයි. යම් ජාතියක ජන විඥානයට
පහර ගැසීම එම ජාතිය දුර්වල කිරීමේ හොඳම උපක්‍රමය බවත් එය එංගලන්තය ඇතුලු
බටහිර රටවල් ආසියාවේ හා අප්‍රිකාවේ ජාතීන් දුර්වල කිරීමට අවියක් ලෙස
යොදාගත් බවත් කිව යුතුය. (නැත්නම් යටත්විජිත වල සිවිල්සේවයට ආ නිලධාරීන්
ඒ ඒ රටවල් වල ඉතිහාසය යලි ලිව්වේ අහවල් දේකටද?)

ජැක්සන්ගේ මේ ක්‍රියාදාමයේ (ජීවත්වීම සඳහා මුදල් ඉපයීමේ හෝ කුමණ්ත්‍රණයක්
ඇත්නම් ඒ සඳහා) ඊළඟ පියවර වන්නේ මේ "අබා" චිත්‍රපටයයි. විශාල මුදල්
සම්භාරයක් වියදම් කර දැවැන්ත ලෙස හුවාදක්වා විශාල ආදායමක් ලැබීමේ වාණිජමය
අරමුණ හැරෙන්නට අබා සම්බන්ධයෙන් ජැක්සන්ට තිබිය හැක්කේ "ඉතිහාසය පිළිබඳ
ඇත්ත හෙළිකිරීම" යන අරමුණ විය යුතුය. දැන් අබා ගෙන් හෙළිවන "ඇත්ත"
කුමක්දැයි සොයා බලමු.

මහාවංශයේ විජයාවතරණයෙන් පසුව එන විශාලතම ජවනිකාව වන්නේ පණ්ඩුකාභය කතා
පුවතයි. විජය යනු ඉන්දියානුවා විසින් ලංකාව යටත්කරගැනීමෙන් පසු
සිංහලයින්ට (යක්ෂයින්ට) අහිමි වූ රාජ්‍ය උරුමය යලි ලැබෙන්නේ මෙම
ජවනිකාවේදීය. අබා හිදී ඉතා නොවැදගත් අතුරු කතා කිහිපයක් හැරෙන්නට
පණ්ඩුකාභය කුමාරයා විසින් මාමාවරු මරා රජකම ලබාගත්තාය යන්න "ඇත්ත හෙළි
කිරීමක්" වන්නේ නැත. මක්නිසාද මහාවංශයේ ලියවී ඇත්තේ ද ඒ අයුරින් වීමය.
එසේ නම් ජැක්සන් විසින් (තම වාණිජ අරමුණ හැරෙන්නට) හුදීජනයාට "අබා" ඔස්සේ
හෙළි කිරීමට උත්සාහ කරන "ඇත්ත" කුමක්ද?

මදක් සිතා බලන්න. එය වෙනෙකක් නොව විජයගේ පරම්පරාව හා හෙළයින් අතර ඇති
දියුණු - නොදියුණු (ශිෂ්ටාචාරයේ) ඇති පරතරය ගැන නොවේද? විජයගේ පරම්පරාව
යනු ශිෂ්ටසම්පන්න තේජස්වී දියුණු මිනිසුන් කොටසක් බවත්, හෙළයින් යනු
සංස්කෘතියක් නොතිබූ, ආගමක් නොතිබූ, කලාශිල්ප නොතිබූ කෙසේ රැවුල් වවාගත්
අප්‍රිකාවේ සිටින ගෝත්‍රිකයන් මෙන් (ඔහු සලංහන්තේ චාරිකාවේදී දුටු පරිදි)
ජන කෙටසක් බවත් මිනිසුන්ට ප්‍රතිනිර්මාණය කර හුවාදැක්වීම නොවේද? හෙළ
ගෝත්‍රිකයින් යනු කොළ අතු ඇඳි, ගල් ආයුධ පාවිච්චි කරමින්, මස් බුඳිමින්
සිටි, ගස්ගල් බහිරවයින් හා ප්‍රේතයින් අදහමින් සිටි, "ගෝත්‍රය" යන වදන
භාවිතා කර එහි පොදු අර්ථය වන අප්‍රිකාවේ මෙන් මිලේච්ඡ නොදියුණු ගෝත්‍ර
වශයෙන් සිටි මිනිසුන් ‍කොටසක් ය යන්න නොවේද? නැතිනම් "පණ්ඩුකාභයගේ තාත්තා
දීඝගාමිණි නොව චිත්‍රරාජය" වැනි සුලු, නොවැදගත් කරුණක් හෙළි කිරීමට
මෙතරම් දැවැන්ත නිර්මාණයක් කළ යුතුද? එමෙන්ම වීර කතාවක් කියුවාට අබාගේ
ඇති වීරත්වය පණබයේ ගස්බෙණයක හැංගී සිටීමද? වීර කතාවක් කිරීමට අවශ්‍ය වූවා
නම් දුටුගැමුණු කුමාරයා, ටිකිරි කුමාරයා ගැන නොකළේ ඇයි? කොටින්ම මද්දුම
බණ්ඩාරට වඩා අබා වීරයෙකු වූයේ කුමණ ක්‍රියාවකින්ද? යන ප්‍රශ්න අපට
ජැක්සන්ගෙන් ඇසීමට සිදුවේ.

තවද, බුදුරජාණන්වහන‍්සේ විජයට පෙර තෙවරක් ලංකාවට වැඩි අවස්ථාවලදී
මණිඅක්ඛිත, චූලෝදර, මහෝදර, සමන් වැනි රජවරු සිටි බවද ඔවුන්
බුදුරජාණන්වහන්සේගෙන් ධර්මය ඇසූ බවද, බුදුරජාණන්වහන්සේට තම තමන්ගේ
වාසභවන් වෙත වඩින්න යැයි ආරාධනා කළ බවද, උන්වහන්සේ එසේ වැඩිය බවද, සමන්
රජුගේ ආරාධනාවෙන් මලයගිරෙහි (සමනල කන්දේ) ශ්‍රීපාදය සලකුණු කළ බවද, සමන්
රජුහට කේශධාතු පිරිනැමූ බවද, ඔහු ඒවා නිධන් කර චෛත්‍යයක් කරවූ බවද,
චූලෝදර හා මහෝදර යන දෙදෙනා මැණික් පුටුවකට රණ්ඩු කළ බවද, බුදුරදුන්ගේ බණ
ඇසීමෙන් පසු එම මැණික් පුටුව නිදන් කොට චෛත්‍යයක් කරවූ බවද, ඉතිහාසයේ ඉතා
පැහැදිලිව සඳහන් වී ඇත.

ලංකාවේ ධර්මය අසා තේරුම්ගැනීමට බැරි නොදියුණු ගෝත්‍රිකයින් සිටියේ නම්
බුදුරජාණන්වහන්සේ තෙවරක්ම ලංකාවට වැඩියේ ඇයි? එවැනි ගෝත්‍රිකයින් සිටියා
නම්ගෝත්‍රවල නායකයින්ට රජවරු යැයි ආමන්ත්‍රණය කර ඇත්තේ ඇයි? (අප්‍රිකාවේ
එහෙමද?) , සමන් රජු ගෝත්‍රිකයෙකු නම් බුදුරජාණන්වහන්සේගේ සිරිපතුල
සලකුණුකරගැනීම සඳහා ඉටිත්, එම ඉටි සිරිපතුලේ සලකුණ ලබාගැනීමට හැකිවන
මට්ටමට උණුකරගැනීමට භාවිතා කළ ක්‍රමවේදය හා උපකරණ ඔහු සතුව තිබුනේද?
එමෙන්ම බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර චෛත්‍යයක් සෑදීමට තරම් ගඩොල්, බදාම,
හුණු වැනි ද්‍රව්‍යත්, තාක්ෂණයකුත් ගෝත්‍රිකයින්ට තිබුණාද? චූලෝදර සහ
මහෝදර මැණික් පුටුවකට රණ්ඩු වුනා නම්, පුටුවක් සෑදීම, මැණික් ඔබ්බවීම,
ඔපදැමීම, කැපීම පිළිබඳවත් ඒ සඳහා තාක්ෂණයකුත්, උපකරණත් ඔය කියන
"ගෝත්‍රිකයින්ට" තිබුණාද? ඉඳගැනීමට පුටු පාවිච්චි කරන ගෝත්‍රිකයින් ඔබ
සංලහන්තේ චාරිකාවේදී අප්‍රිකාවේදී දුටුවාද? බුදුරජාණන්වහන්සේ ලංකාවේ ගතකළ
කාලයේදී උන්වහන්සේට ඒ ගෝත්‍රිකයින් දානය වශයෙන් පිළිගැන්වූයේ මොනවාද? මස්
නොවන බව සහතික බැවින් වෙනත් බවභෝග එම ගෝත්‍රිකයින් වගා කර තිබුනේද? වැනි
ප්‍රශ්නද අපි ජැක්සන්ගෙන් ඇසිය යුතු නොවේද?

ඔබ සියලුදෙනාටම සිතීමට මොළයක් ඇති බැවින් කරුණාකර මදක් නැවත් සිතා බලන්න.
ජැක්සන්ට අබා සෑදීමෙන් වාණිජ අරමුණ හැරෙන්නට තිබූ අනෙක් අරමුණ කුමක්ද? එය
"අපේ ඉතිහාසය පිළිබඳ ඇත්ත හෙළිකිරීම" නම් ඔහු හෙළිකල යුතු වූයේ ඉහත
ප්‍රශ්න වලට පිළිතුරු නොවේද?

නමුත් ජැක්සන් ඔහුගේ නිර්මාණ තුලින් සිදුකරනුයේ ඉතිහාසය හෙළිකිරීමවත්,
ඉතිහාසය විකෘති කිරීමවත් නොව සිංහල බෞද්ධ අපගේ "සාමූහික ජන විඥාණය" සුනු
විසුනු කිරීමයි.

ජැක්සන් දක්ෂයෙකු වූ පමණිනුත්, විශාරදයෙකු වූ පමණිනුත්, විශාල මුදල්
සම්භාරයක් වියදම් කර දැවැන්ත නිර්මාණයක් කළ පමණින්, එය පුළුල් තිරයක
පෙන්වන අලංකාර රූප සහ ශබ්ද සහිත චිත්‍රපටයක් වූ පමණිනුත්, දුරදිග නොසිතා
අපේ ඉතිහාසය, අපේ ජන විඥානය ඔට්ටුවට තබා බූරු ගැසීම සාධාරණද?

මාලින්ද

On Aug 18, 4:16 am, මාලින්ද <malindad...@gmail.com> wrote:

> ආයුබෝවන්
> මමත් මේ අබා කියන චිත්රපටය හා සම්බන්ධව ගොඩනැගෙමින් පවතින කතාබහ ගැන
> උනන්දුවකින් බලන් හිටපු කෙනෙක්. එමෙන්ම ලංකාවේ ඉතිහාසය ගැනත් ජැක්සන්
> ඇන්තනී පිළිබදවත් ඉතා ඕනෑකමින් හොයාබලා ඇති කෙනෙක්.
> මේ අබා ගැන සංවාදයේ ලිපි ටික කියවීමෙන් පසු මාහට හැගීගියේ මේ කිසිම
> කෙනෙක්ට තමන් සිටින පදනම පිළිබඳව එතරම් විශ්වාශයක් නැති බවකි. අබා
> චිත්‍රපටයට පක්ෂපාත-විරුද්ධ සහ මධ්‍යස්ත මත දරණ සියලු දෙනාම මේ චිත්‍රපටය
> ආශ්‍රත සන්දර්භය දැක ඇත්තේ තම තමන්ගේ කෝණ වලින් පමණක් සහ තමන් තුල
> මාධ්‍ය, සමාජය හා සංස්කෘතිය විසින් කාලයක් තිස්සේ ඇති කර තිබූ මතවාදයන්
> සාධාරණිකරණය කිරීමේ චේතනාවෙන් බවත් හැගේ.

> අබාට සහ ජැක්සන් ඇන්තනීට පක්ෂපාත මතයක් දරණ අය අබා අගය කරන්නේ ජැක්සන්
> ඇන්තනී යනු ඉතිහාසයය පිළිබඳ විශිෂ්ඨ දැනුමැත්තෙකුය යන මතය දරමිනුත්, අබා
> ඔහුගේ නිර්මාණයක් නිසා එයද විශිෂ්ඨ, අඩුපාඩු නොමැති, හා යටිඅරමුණකින්
> තොරව සෑදූ නිර්ව්‍යාජ කෘතියක් ලෙසත්, ඒ සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක්
> වියදම් කල නිසා තාක්ෂණික අතින් හා නිර්මාණාත්මක අතින් විශිෂ්ඨ වියයුතුය
> යන මතයත් මනසේ තබාගෙන එය සනාථ කිරීම සඳහා කරුණු ගෙනහැර දක්වමින්ය. එමනිසා
> අබාට විරුද්ධ අයගේ අදහස් සත්‍ය හෝ අසත්‍ය වීම නිසා නොව හුදෙක් අබාට සහ
> ජැක්සන්ට විරුද්ධ වීම නිසා ඔවුන් විසින් එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත.

> අබාට සහ ජැක්සන්ට විරුද්ධ මතයක් දරණ අය බටහිර හා ක්‍රිස්තියානි විරෝධී
> ආකල්ප නිසා අබාට විරුද්ධව කරුණු දක්වා ඇති බව පෙනෙන්නට තිබේ. එමෙන්ම අබා
> හි කතාවෙන් ලංකාවේ (සිංහලයින්ගේ) ඉතිහාසය විකෘති වී ඇති බවකුත් තවත්
> විවිධ කරුණු රාශියකුත් සාධක නොමැතිව ලාමක අයුරින් ගෙනහැර දක්වා ඇත.

> මේ මත දෙකටම නැති මධ්‍යස්ත මතයක් දරණ පිරිසකුත් අතරමං වී බලා සිටින සෙයක්
> පෙනේ.

> මේ තෙවැදෑරුම් මත නිසා පැන නැගුනු වැදගත් ප්‍රශ්න කිහිපයක්ද ඇත.
> * අබා යනු සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් ද? නැද්ද?
> * අබා සඳහා මුල් වුනු පණ්ඩුකාභය පුරාවෘතය සත්‍යයක්ද? අසත්‍යයක්ද?
> * ලංකාවේ ඉතිහාසය ආරම්භ වන්නේ විජයගෙන්ද? නැතිනම් ඊට පෙර ඉතිහාසයක්
> තිබුණිද?
> * විජයට පෙර ලංකාවේ සිටි මිනිසුන්හට ශිෂ්ටාචාරයක් (සංස්කෘතියක්, ආගමක්,
> භාෂාවක්, තාක්ෂණයක්, පාලන ක්‍රමයක්, වැනි ලක්ෂණ) තිබුණිද? නැතිද?
> * බුදුදහම ලංකාවට එන්නේ මිහිදු හිමිගෙන් පසුද? ඊට පෙරද?
> * දකුණු ඉන්දියානු ආක්‍රමණිකයින් විසින් සැබෑ සිංහලයින් වනසා දමා සිංහල
> කාන්තාවන්ට දාව අවජාතක පරපුරක් ඇතිකලේද? නැද්ද?
> * සිංහල ජාතිය (සිංහලකම) යනු ලේ වලින් පැවතෙන්නක්ද? නැතිනම් සංස්කෘතිකව
> පැවතෙන්නක්ද?
> * සිංහලකම, බෞද්ධකම, සිංහල-බෞද්ධකම හා සිංහල-කතෝලිකකම යනු මොනවාද?

> වැනි ඉතා වැදගත් එමෙන්ම සංකීර්ණ ප්‍රශ්න රාශියක්ද මෙම සංවාදය මගින් ජනිත
> වී ඇත.

> මෙම ප්‍රශ්න සියල්ලම සඳහා පිළිතුරු සෙවීම කාලීනව වැදගත් වන නමුත් මෙහි
> ප්‍රස්තුතය "අබා" නිසා ඒ පිළිබඳව මගේ අදහස් වැඩි වශයෙන් දක්වා සිටිමි.

> ජැක්සන් ඇන්තනීගේ ඉතිහාසය පිළිබඳ කතා කළහොත් ඔහු නලුවෙකි. වේදිකා නාට්‍ය
> ක්ෂේත්‍රයේ සිට ටෙලි සහ සිනමා ක්ෂේත්‍ර වලද දස්කම් පා සම්මාන දිනූ
> ජනප්‍රිය නලුවෙකි. පසුකාලීනව (නලුකම එපාවීම නිසාදෝ) රඟපෑමට වඩා ඔහු තමන්ට
> වැඩි පිළිගැනීමක් ඇතිකරගත හැකි ක්ෂේත්‍රයක් තෝරාගැනීමේ උත්සාහයක නිරත
> වෙනු දැකිය හැකි විය. ඒ සඳහා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේ
> ක්ෂේත්‍රය තෝරාගත් ඔහු රඟපෑමට වඩා (හේම නලීන්ගේ ආභාෂය ලබාගනිමින්) එම
> ‍ක්ෂේත්‍රයට යොමුවනු දැකිය හැකි විය. තම දක්ෂතා නිසා එම ක්ෂේත්‍රයේ
> කීර්තියක් අත්කරගනිමින් සිටී ඔහු අධ්‍යාපනික වශයෙන්ද තම සුදුසුකම්
> වැඩිදියුණු කරගනිමින් සිටියේය, ඒ ඉතිහාසය හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයෙන්ය.
> ඕනෑම අයෙකු සිදුකරන පරිදි ඔහුද තමන් නියැලී සිටින ක්ෂේත්‍ර දෙක
> ගැටගසාගැනීමේ අරමුණින් (එය ක්ෂේත්‍ර දෙකෙහිම ප්‍රගතියටද ඉවහල් වන බැවින්)
> රෑපවාහිනී වැඩසටහන් ක්ෂේත්‍රය සහ ඉතිහාසය හා පුරාවිද්‍යාව යන ක්ෂේත්‍ර
> දෙක ගැටගසා නිර්මාණාත්මක ලෙස මෙතෙක් නොපැවතුනු ආකාරයේ රෑපවාහිනී
> වැඩසටහනක් ආරම්භ කරන ලදි. එය "මහාසිංහලේ වංශකතාව" නම් විය. මෙම වැඩසටහන
> ඔස්සේ ඔහු තම අධ්‍යාපනික දැනුම ආධාරයෙන් තම රැකියාව (යැපීම) වෙනුවෙන්
> සාර්ථක (එමෙන්ම ඉතා දීර්ඝ කාලයක් කරගෙන යාහැකි) රූපවාහිනී වැඩසටහනක්
> ඉදිරිපත් කිරීමටත්, තම රැකියාවේ ආධාරයෙන් තම අධ්‍යාපනික ක්ෂේත්‍රයේ
> (පර්යේෂණවල සහ නිබන්ධන සඳහා) සාර්ථකත්වය සඳහා එම ක්ෂේත්‍රයේ
> විශිෂ්ඨයින්ගේ දැනුම නොමිලේම ලබාගැනීමටත් ඔහු සමත් විය. මෙය ඔහුගේ
> බුද්ධිය මෙහෙයවීමේ දක්ෂතාවය නිසා හෝ හුදෙක් අහම්බෙන් පහල වූ ඥාණයක් නිසා
> විය හැක. කෙසේ වෙතත් අවසානයේ ලංකාවේ ඉතිහාසය ...

> read more »


    Reply to author    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.

Create a group - Google Groups - Google Home - Terms of Service - Privacy Policy
©2009 Google