මෙහි පහත සබැඳියෙන් දැක්වෙන්නේ අබා වෙබ් අඩවියේ පළ වී ඇති, ජැක්සන් ඇන්තනී සමඟ
අබා චිත්‍රපටය පිළිබඳව කළ සාකච්ඡාවකි.
http://www.aba.lk/press/aba_press014.htm
මෙහි ජැක්සන් ඇන්තනී විශේෂයෙන් සඳහන් කර සිටිනවා. විශ්ව ගම්මාන, ලෝක සිනමාව
ගැන.
මේ ජැක්සන් ගේ විශ්ව ගම්මාන, ලෝක සිනමාව කියන්නේ ස්ටිවන් ස්පීල්බර්ග් ගේ පසු
පසු යාම යැ යි ඔහු ම එහි සඳහන් කරනවා.
ස්ටීවන් ස්පීල්බර්ග් කව්රුන් දැ යි නොදන්නා සිංහළ බෞද්ධයෙක් සිනමා කරුවෙක්
සිටිය නොහැකි යි.
ස්ටිවන් ස්පීල්බර්ග් ගේ සිනමාව බටහිර සංස්කෘතිය ලෝකය තුළ ස්ථාපිත කිරීමයි.
ජැක්සන් ස්පීප්බර්ග් ව ආදාර්ශයට ගන්නා බව ඉතාමත් ම පැහැඳිළී යි.
ජැක්සන් මෙන්න මෙහෙමත් කියා සිටිනවා.
"ඒත් අපේ මූලයන් ජාත්‍යන්තරයට ගියොත් ස්‌පීල් බර්ග් වැනි මහා සිනමාකරුවකු පවා
ලංකාවට එයි චිත්‍රපට නිර්මාණය කරන්න. ඒ තරම් ප්‍රබල තිහාසයක් අප සතුව
තිබෙනවා." මේ ජැක්සන් ගේ වචනයි.
මෙය තමයි අපිට තියෙන ප්‍රශ්නය,
ස්පීල්බර්ග් මීට අවුරුදු විස්සකටත් පෙර යි ලංකාවට අවේ.
ඒ 1985 දී තිරගත වූ ඔහුගේ Indiana Jones and the temple of doom යන චිත්‍රපටයට
නූගත් වැද්ඳන් සොයා ගෙන යි.
මෙහි වැන්දන් ලෙස රඟපාන්නේ අපේ සම්භාව්‍ය නළු නිළීයන්. මෙහි ඩී. ආර්.
නානායක්නාර, රූබි ද මෙල්, අයිරාංගනි සේරසිංහ, ළමා නළුවෙකු ලෙස දර්ශන පනන්ගල සහා
තවත් විශාල නළු නිළියන් ප්‍රමාණයක් රඟපානවා. මේ වැඳ්දන් ගේ භාෂාව සිංහළ බස ලෙස
යොදා ගැනීමෙන් ම ස්පීල්බර්ග් අපිට දෙන තැන කුමක් දැ යි ජැක්සන් නො දන්නේද? මේ
චිත්‍රපටය ජැක්සන් නො බැලුවා විය නොහැකි යි.
තවද, මෙම චිත්‍රපටයේ ඉන්දියානු නළුවොත් පණ පිටින් දඟලන නයි කමින් රඟපානවා.
ස්පීල්බර්ග් ඌර ගේ මාළු ඌර ගේ ම පිටේ තියා කැපීමට පුදුම දක්‍ෂයෙක්.
එහේ ම තමයි යුදෙව්වෝ.
ජැකිසන් මේ සියල්ල ම දන්නවා, නමුත් ඔහු සිංහල බෞද්ධ චින්තනට අනුගත වී නොමැති
නිසා ඔහු ට මේ සියල්ලම පේන්නේ ලෝක තත්ත්වයන් ලෙසයි. මෙය ලෝක තත්ත්වයක් බව
අනෙකුත් අයට ඒත්තු ගැන්වීම ම ස්පීල්බර්ගේ සිනමාව බව ජැක්සන්ට පෙන්නේ නැහැ.
ජැක්සන් දක්‍ෂයෙක් විය හැකි යි. නමුත් ඔහු කිසි ලෙසකින්වත් අති දක්‍ෂයෙක් නම්
නොවේ. අති දක්‍ෂයේ කිසි දවසක තමන්ගේ පැවැත්ම ට හානී කරගන්නේ නැහැ. ජැක්සන්
ජුරාසික් පාක් ද බලා ඇති බව පැහැඳිළි. ස්පීල්බර්ග් මොන බයිල කිව්වත් ජැක්සන්
අති දක්‍ෂයෙක් නම් මේ ජුරාසික් පාක් හී ඩයිනෝසිරසයා යුදෙව් ග්‍රීක
ක්‍රිස්තියානි චින්තනය බව ට පත් කළ යුතු යි. එම ඩයිනෝසිරසයාට කිසි ලෙසකින්වත්
හිස එසවීමට නොදීමෙන් පමණක් ජැක්සන් ට තමන්ගේ පැවැත් ම රැක ගත හැක. එසේ නොවුව
හොත් ස්පීල්බර්ග් පරපුරේ පොඩි එකුන්ට ත් තේ ඇඳිමට ජැක්සන්ට සිදු වෙනවා ඇත.
-- ධමිමික ---